ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයාගේ නම ගැසට් කෙරේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා නම්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇල්පිටිය තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.එච්.ආර්.විජය කුමාර මහතා විසින් මෙම ගැසට් නිවේදනය කර ඇති බව සඳහන්.
සනත් ප්‍රියන්ත මහතා මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට පිණිකහන කොට්ටාශයට ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සභිකයෙක්.
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට කොට්ටාශ 15 ක බලය හිමිවූණා.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතාත්, උප සභාපතිවරයා ලෙස සුමිත් පතිරගේ මහතාත් පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නිශාන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම හේතුවෙන් ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධූරයෙන් හා සභාපතිධූරයෙන් ඉල්ලා අස්වුණා.
ඒ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා එම පක්ෂය විසින් නම් තුනක් පක්ෂ ලේකම්වරයා වෙත යොමු කර තිබූ අතර පක්ෂ ලේකම්වරයා විසින් සනත් ප්‍රියන්ත මහතා සභාපතිවරයා ලෙස තෝරාගනු ලැබුවා.
ඒ අනුව ඔහුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නම්කරමින් මෙලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නම්කොට ඇති ලේල්කඩ ලොකුගේ සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ද වනවා.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභිකයෙකු වශයෙන් ජාතික ජනබලවේගයේ නාගරාජා සාරා විනෝදනී මහත්මිය පත් කර ඇති බවද සඳහන්.
ඇය එම පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් බටුවන්හේන කොට්ටාශයට ඉදිරිපත් වූ අපේක්ෂිකාවක්.