මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න

මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12 ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පවසනවා.

ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට යොදා ඇති බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගි​ය රජයයන් විසින් වසර කිහිපයක් තිස්සේ මෙය කල් දමමින් සිටි බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Share This