පොලිස් විශේෂ මෙහෙයුමෙන් 640 ක් කොටු
පොලිසිය විසින් ඊයේ (22) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 640 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 27567 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අපරාධ සම්බන්ධව සැකකරුවන් 26කුත් වරෙන්තුකරුවන් 369 දෙදෙනෙකුත්, විවෘත වරෙන්තුකරුවන් 326 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇත. බීමත් රියදුරන් 308 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4153 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරයි. මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වෙයි.
