පුටින් තුන්වන ලෝක යුද්ධය පටන් අරන් – සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් දැනටමත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර ඇති බවත්, ඔහු පරාජය කිරීම මුළු මහත් ලෝක වාසීන්ගේම ජයග්‍රහණයක් බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. බීබීසී (BBC) පුවත් සේවය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය. රුසියාව විසින් නතු කරගෙන සිටිනා යුක්රේන භූමිය පාවා දෙමින් සටන් විරාමයකට යාමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව පවසන ඔහු එවැනි ඉවත් වීමකින් යුක්රේන සමාජය කඩා වෙන් කරනු ඇති බවද පෙන්වා දෙයි. පුටින්ට අවශ්‍යව ඇත්තේ ලෝකයේ මිනිස් නිදහස හා ජීවන රටාව විනාශ කිරීමට බව ද කියා සිටින ඔහු
මෙම යුද්ධය ජය ගැනීම ඉතා තීරණාත්මක බවත් 1991 වසරේ පැවති දේශසීමා දක්වා සියලු භූමිය යළි අත්පත් කර ගැනීමට එයින් හැකි වන බවත් එය යුක්තිය ඉටු කිරීමක් බවත් සඳහන් කරයි.

