මාලි රටේ ශ්‍රීලාංකික විරුවාගේ උතුරා ගිය මානව ප්‍රේමය

මාලි රටේ රතු වැලි බිමේ, හිරු රශ්මිය දරාගෙන සේවය කරන
අපේ ශ්‍රී ලාංකික සාම සාධක විරුවෙකු….
බඩගිනි, පිපාසිත දරුවෙකු දැක,
ආයුධය පිටේ තිබියදීම,
සිය දිය බෝතලය ඔහුගේ තොල් ළඟ තැබුවා.
එදා ඒ විරුවාට තිබුණේ
රාජකාරියක් විතරක් නෙමේ…..
හදවතක්……

රට කුමක් වුණත්,
භාෂාව කුමක් වුණත්,
දරුවෙකුගේ කඳුළ හඳුනන්න
විශේෂ පුහුණුවක් අවශ්‍ය නෑ.
අපේ රටේ පුතාලාට……
ලොව පුරා ශ්‍රී ලංකාවේ නම රැගෙන යන්නේ මෙහෙමයි.

Share This