3.8 එකයි,හසිෂ් කිලෝ 5යි පොලිස් අත්අඩංගුවට

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදි පුද්ගලයෙකු, විදේශීය නිෂ්පාදිත 3.8 වර්ගයේ පිස්තෝ#යක්, ග#ජා හා හ#ෂ් මත්ද්‍රව්‍ය සමග වයස අවුරුදු 34 ක, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එම පුද්ගලයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඉතාලියේ රෝමයේ සිට ඔහුගේ නමට ඒවා තිබූ බහලුමක් අධිකරණ නියෝග මත 2/18 දින. රඳවාගෙන ඊයේ දිනයේදී වත්තල ප්‍රදේශයේ කාගෝ ආයතනයේදී එම බහලුම කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් හා රේගු නිලධාරීන් විසින් විවෘත කරනු ලැබුවා. එහි තිබූ යකඩ පෙට්ටියක් තුල රහසිගතව තීන්ත ආලේපනය කළ පාර්සල් 53 ක් තුළ ඇසුරුම් කොට තිබූ නීති විරෝධී හ#ෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 200 ක් සොයා ගනු ලැබුවා. මෙම මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි එකහාමාරකට අධික බවයි පොලිසිය සඳහන් කළේ. දැනට බන්ධනාගාර කොට තිබෙන සැකකරුගේ බැංකු ගිණුම් 4 ක උපයාගත් මුදල් සම්බන්ධව අධිකරණ නියෝග මත විමර්ශන කටයුතු මීගමුව කොච්චිකඩේ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.මෙම පුද්ගලයා ඉතාලියේ වසර විස්සක් සේවය කොට ලංකාවට පැමිණ මෙම නීති විරෝධී වැඩ කටයුතුවල යෙදී ඇති බවට කරුණු තහවුරු වූ බව පොලිසිය පැවසිය.

Share This