රුසියාවේ සංචාරක බසයක් බයිකල් විලෙහි ගිලී 7ක් මිය යයි

රුසියාවේ සයිබීරියාහිදි අයිස් මිදී ඇති බයිකල් විලෙහි ගිලී චීන සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක ගමන් ගත්  පුද්ගලයින් 7දෙනෙකු මියගොස් එක් අයෙක් දිවි බේරාගෙන තිබේ. අනතුර සිදු වූ  ස්ථානයේ ගැඹුර අඩි 60ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   අයිස් තට්ටුව මතින් බස් රථය ධාවනය කරමින් තිබියදී පීඩනය දරා ගත නොහැකිව අයිස් තට්ටුව පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

Share This