කොළඹ පාළු බිල්ඩිමක් ඇතුළේ කුප්පි ලාම්පුවෙන් අයිස් ගහද්දී ලෝයර් මාට්ටු

කුප්පි ලාම්පුවක් දල්වාගෙන කෙසෙල්වත්ත සාංචි ආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රව‍ය පානය කරමින් සිටි
නීතිඥවරයෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.

සැකකාර නීතිඥවරයා අසල රැඳී සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ

එම නීතිඥවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 130 ක් කුඩා වීදුරු කැබැල්ලක් , බටයක් ආකාරයෙන් සකසාගත් රුපියල් 20/= ක මුදල් නෝට්ටුවක් මෙන්ම උපත් පාලන කොපු 06 ක් , ළදරු තෙල් බෝතලයක්, නීතිඥ හැඳුනුම්පතක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසෙල් වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ වි ඩි පි අනුරුද්ධ නිලධාරියා ඇතුළු කණ්ඩායමකට ලද තොරතුරකට අනුව පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ල තුළට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකාර නීතිඥවරයා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පත පරික්ෂා කිරීමේදී 1996 වර්ෂයේ නීතිඥ වෘත්තියේ දුරුම් දුන් අයෙක් බවට අනාවරණය වී ඇතැයිද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය නීතිඥ වෘත්තියේ යෙදෙන අයෙක් බවට ද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරු කළුබෝවිල සරණංකර පාර පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකාර නීතිඥවරයා සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Share This