නීතිඥවරයා සහ බිරිද ඝාතනයේ සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අත් අඩංගුවට ගත් වෙඩික්කරුවෙකු බව කියන පුද්ගලයා දින 90 ක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව මෙලෙස සැකකරු දින 90 ක කාලයක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත.
අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ කුරුදු කැලයක ආවේක්ෂණ රාජකාරීයේ යෙදී සිටිමින් සැකකරු නවාතැන් ගෙන සිටි නිවසට පැමිණි අවස්ථාවේදී හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතා ඇතුළු පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ලද තොරතුරක් මත අත් අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු කුරුදු ඉඩමේ සැගව සිට රාත්‍රී කාලයේදී නින්දට පමණක් එම නිවසට පැමිණ ඇති බව සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. මෙම වෙඩික්කරු T 56 ස්වයංක්‍රීය ගිනි අවියෙන් පළමුවෙන් නීතිඥවරයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු බව ද එම කොට්ඨාශය පවසයි.
