ඊසාන දිග ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට කාලගුණයෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින්  එම සීමාවේ කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්  එම  මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි  විටින් විට ඇති විය හැකි අතර පැ.කි.මී (50-60) පමණ තද සුළං වේගයෙන්  දෝලනය වී   ඊසාන දිග මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද සඳහන් වේ. එම නිසා ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙසට තව දුරටත් දැනුම් දී තිබේ.

Share This