අධිවේගී මාර්ගයේ ණය ගෙවන්න වසර 171ක් ගත වන බව හෙළිවෙයි

අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම කටයුතු සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන හැටඑක්ලක්ෂ එක්දහස් තුන්සිය හැත්තෑ හතරක ණය මුදලක් ලබාගෙන ඇති අතර පොලිය හැර මෙකී ණය මුදල ගෙවීම සඳහා වසර 171කට අධික කාලයක් ගතවන බව හෙළිදරව් වී ඇත.  ඒ අනුව ණය හා පොලී ගෙවීම අධිවේගී මාර්ග ආදායමින් ආවරණය කර ගැනීමට නොහැකි බව විගණනයේ දී අනාවරණය වී ඇත.  නව තාක්ෂණික මෙවලම් සහ මාර්ග සම්බන්ධ තාක්ෂණික දැනුම් උපයෝගී කර ගනිමින් මෙහෙයුම් වියදම අඩුකිරීම සහ ආදායම තවදුරටත් වැඩි කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

Share This