අධික වර්ෂාව නිසා වවුල්ගල පාරට ගල් වැටිලා

ඊයේ සවස 6 පමණ ආරම්භ වී පැය තුනකට වැඩි කාලයක් පැවති අධික වර්ෂාව හේතුවෙන් ගන්නොරුව- හල්ඔලුව මාර්ගයට ගල් පෙරලී ඇති අතර පස්කඳුද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීන් පවසති. මහනුවර පේරාදෙණිය, හල්ඔලුව මාර්ගයේ වවුල්ගල ප්‍රදේශයේ මාර්ගයට ගල් පෙරළීමක්ද සිදුවී ඇත.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලීයව පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රිත්ක කිහිපයකට තදවැසි සහිත කලගුණ තත්ත්වයක් බලපා ඇත. මේ අධික වර්ෂාව හේතුවෙන් ආපදා තත්ත්වයක් වාර්තා වී තිබේ.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනු

Falling rocks

ව ගෙවී ගිය පැය 24 තුළ මිලිමීටර් 171ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ, රත්නපුර ඇහැලිගොඩ ප්‍රදේශයෙනි.

Share This