අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ සැකකාරියක් ගල්කිස්ස, විලියම් පෙදෙසදී අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස  අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද හෝඩුවාවක් මත මෙම වැටලීම සිදුකර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25ක් වන රත්මලාන පදිංචිකාරියකි.  ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This