කොළඹ – මහනුවර මාර්ගයේ වේවැල්දෙණියේදී මාරක අනතුරක්
කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්රදේශයේදී සිදු වූ මාරක අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදිය ඊට ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පසුපැදිකාරිය තුවාල ලබා ඇති අතර වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ දඹුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
