අක්‍රීය ණය අඩු වෙයි – මහ බැංකු වාර්තාව මෙන්න
පෙර කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ තුන්වන කාර්තුවේදී සමස්ත අක්‍රීය ණය ප්‍රමාණය කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එම කාලසීමාව තුළ ණය ඉල්ලුම්පත්‍රවල සමස්ත ප්‍රතික්ෂේප කිරීම් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, ණය සැපයුම් සමීක්ෂණයට අනුව, ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවල දායකත්වය සමඟින් තුන්වන කාර්තුවේදී සමස්ත අක්‍රීය ණය සංඛ්‍යාව අඩුවී ඇති බවත් මහ බැංකුව පවසනවා.
මේ අතර අක්‍රීය ණය දර්ශක අගය දෙවන කාර්තුවේදී ධන 7.2 සිට සෘණ 44.5 දක්වා අඩු වූ අතර, මහ බැංකුව විසින් සිව්වන කාර්තුවේදී දර්ශක අගය සෘණ 33.8 දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරනවා.
එමෙන්ම මහ බැංකුව සඳහන් කර ඇත්තේ, විකල්ප ගෙවීම්, අඩු වූ පොලී අනුපාත සහ වැඩිදියුණු වූ ආර්ථික තත්ත්වයන් නිසා තුන්වන කාර්තුවේදී අක්‍රීය ණය පහත වැටීම සිදු වූ බවයි.
තව ද සිව්වන කාර්තුව තුළදීද පොලී අනුපාත තවදුරටත් අඩු කිරීම, නම්‍යශීලී ගෙවීම් විකල්පයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ හිතකර ව්‍යාපාරික දැක්ම හේතුවෙන් අක්‍රීය ණය මට්ටම අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහ බැංකුව සඳහන් කර තිබෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ වූ ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් ණය ඉල්ලුම්පත්‍රවල සමස්ත ප්‍රතික්ෂේප කිරීම්වල අගය තුන්වන කාර්තුව තුළදී, ඍණ 6.2 සිට දර්ශකයේ 0.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව, සිව්වන කාර්තුව තුළදී ආර්ථික දැක්ම, ධනාත්මක මුදල් ප්රවාහයන්, අපේක්ෂිත දේශපාලන ස්ථාවරත්වය සහ පොලී අනුපාත තවදුරටත් අඩුකිරීමේ අපේක්ෂාවන් සමඟින් ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම දර්ශකය සෘණ 13.6 දක්වා අඩුවනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.