ට්‍රම්ප් චීන සංචාරයකට සැරසෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මස 31 වැනිදා චීනයේ සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කරනවා.  ට්‍රම්ප් 2017 දී එහි කළ අවසන් සංචාරයෙන් පසු එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු බීජිං වෙත කරන පළමු නිල සංචාරය මෙය වනු ඇත. මෙම සංචාරයේදී දෙරට අතර එළඹුණු ආර්ථික ගිවිසුමේ සඳහන් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක නව ගෝලීය ආනයන බද්දක් පනවනු ලැබූ පසුබිමකයි ඔහු මෙසේ චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙන්නේ. 

මාර්තු මස 31වනදා ආරම්භ වන අප්‍රේල් 02 වනදා අවසන් වන බවයි වාර්තා වන්නේ. දෙරට අතර ඇතිකරගත හැකි නව වෙළෙඳ ගණුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ අරමුණ වී ඇති බවට ද  සදහන් වෙනවාඅමෙරිකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අස්ථාවරභාවයක් පෙන්නුම් කරන බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.

Share This