ලක්ෂ 45ක අයිස් එක්ක හෝමාගමදී පුද්ගලයකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 45ක් පමණ වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඊයේ (20) සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44වන පුද්ගලයෙකු වේ. සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
