කොදෙව්වන් පරදවා ලංකාවේ කෙල්ලන්ට එක්දින ජයක්
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්රිකට් තරගය ලකුණු 10කින් ජය ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.
බටහිර කොදෙව් දූපත්හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා ක්රිඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් හර්ෂිතා සමරවික්රම ලකුණු 66ක් සහ හසිනි පෙරේරා ලකුණු 61ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්රිඩිකාවන්ට පන්දුවාර 49යි පන්දු 4ක දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණයි.
එහිදී සුපිරි පන්දු යැවීමක නිරතවූ ඉනෝකා රණවීර ලකුණු 44කට කඩුලු 4ක් බිඳ හෙලුවා.
