ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද හතරවන වෙරළාරක්ෂක නෞකාව ශ්‍රී ලංකාව බලා පිටත්වේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද හතරවන වෙරළාරක්ෂක නෞකාව ශ්‍රී ලංකාව බලා පිටත්වේ 🇺🇲🇱🇰
ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ තවත් කැපී පෙනෙන පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මීට පෙර ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක ‘Decisive’ නෞකාව ලෙස හැඳුන්වනු ලැබූ P628 නෞකාව බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක ජැටියෙන් අද දින ශ්‍රී ලංකාව බලා පිටත් විය. මෙම නෞකාව නාවික සැතපුම් 14,775 ක ගමනක් සිදු කරනු ඇති අතර එය ශ්‍රී ලංකා නාවික නෞකාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි මුහුදු ගමන බවට පත්වීමට නියමිතය. තවද පැනමා ඇළ හරහා ගමන් කළ පළමු ශ්‍රී ලාංකික නෞකාව මෙය වනු ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දියුණු නාවික හැකියාවන්ට පමණක් නොව, එවැනි සංකීර්ණ සමුද්‍රීය මෙහෙයුම් සඳහා පහසුකම් සපයන ජාත්‍යන්තර සහයෝගීතාවයට ද සාක්ෂියක් වනු ඇත.
කපිතාන් ගයාන් වික්රමසූරියගේ නායකත්වය යටතේ, නෞකාව නිලධාරීන් 14 දෙනෙකු සහ නාවිකයින් 72 දෙනෙකු ඇතුළුව ඉහළ පුහුණුව ලත් ශ්‍රී ලාංකික නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් 86 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැගෙන යනු ලබයි. ඔවුන්ගේ ගමන් සැලැස්මට, ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සහ මාර්ගය ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති උපායමාර්ගිකව වැදගත් වන වරාය නැවතුම් ස්ථාන කීපයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ගමනාන්තය අවසන් කිරීමට පෙර, 2026 මැයි 08 වන දින අවසන් තාවකාලික නැවතුම ලෙස ත්‍රිකුණාමලය වෙත ලගාවන අතර, ඒ වන විට නෞකාව දින 77 ක මුහුදු ගමන් කාලයක් සම්පූර්ණ කරනු ලබයි.
මෙම 4 වන එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාව අත්පත් කර ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ශක්තිය වර්ධනය කරගැනීමට ඉවහල් වේ. සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, අපගේ සුවිශේෂී ආර්ථික කලාපය පුරා නිරීක්ෂණ හැකියාවන් පුළුල් කිරීම සහ කලාපීය ස්ථාවරත්වයට සැලකිය යුතු ලෙස දායක වීම සඳහා P628 වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. එක්සත් ජනපදයේ මෙම පරිත්‍යාගය, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරන අතර, අඛණ්ඩ අන්‍යෝන්‍ය සහයෝගය සහ සමුද්‍රීය සුරක්ෂිතභාවය සඳහා හවුල් කැපවීම පෙන්නුම් කරයි.
