රිය අනතුරකින් තුන්හැවිරිදි දියණියට දිවි අහිමිවෙයි
ගම්පො
ල ඇත්ගාල නවගොල්ල ප්රදේශයේ සිය මව, අයියා සමගින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, නවතා ඇති බස් රථයට ඉස්සර කිරීමට පැමිණි කාර් රථයක ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ගැටී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වි තිබෙනවා. අනතුර සිදුවී තිබුණේ ඊයේ (20) දහවල් කාලයේදී ඇත්ගාල පොලිස් වසමේ ගම්පොල නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්රදේශයේදීය. එම අනතුරින් යතුරුපැදිකාරිය, දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මෙලෙස මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
