මහවැලිය දරුණු වී සුංගාවිල සිට සෝමාවතිය තෙක් මාර්ගය තාවකාලිකව වැසේ

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ලංකාපුර, සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය තාවකාලිකව වසා තිබෙනවා. ඒ අනුව අද (21) පෙ.ව 09:15 සිට සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා මාර්ගය වසා ඇති බවයි පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. අද පෙරවරු 9.15 වන විට වාර්තා වූ තත්ත්වය අනුව මාර්ගයේ ඇතැම් ස්ථාන අඩියක පමණ ජල මට්ටමකින් යටවී පවතින බව පොළොන්නරුව දිස්ත්රික් සහකාර අධ්යක්ෂවරයා තහවුරු කර ඇත. මේ හේතුවෙන් මෝටර් රථ සහ ත්රිරෝද රථ වැනි සැහැල්ලු වාහන සඳහා එම මාර්ගය භාවිත කිරීම අවදානම් සහගත බැවින්, එම වාහන සඳහා මාර්ගය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ ප්රදේශවාසීන් පවතින ජල ගැලීම් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

Share This