ඇමරිකාව සහ ඉරානය රත්වෙද්දී අද්මිරාල් ස්ටීව් වෙබ් කෙලර් මෙරට සංචාරයේ

ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර් තෙදින නිල සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර යි. ඔහු ලබන 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත ය.  අද්මිරාල් කේලර්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර, 2024 වසරේදී ද ඔහු ශ්‍රී  සංචාරයක නිරත විය.

මෙවර ආද්මිරාල් කේලර්ගේ සංචාරය සිදුවන්නේ, ඇමෙරිකාව ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට මත පළවන පසුබිමක ය.

අද්මිරාල් කේලර්ගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආරක්ෂක හවුල්කාරිත්වය සහ හවුල්කරුවන්ගේ වෘත්තීයභාවය හා හැකියාව පිළිබඳ පවතින  විශ්වාසය නැවත තහවුරු කරන බවත්, සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ සිට දේශසීමා ඉක්මවමින් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම දක්වා, පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමග ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව කටයුතු කරන බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරීවරයා ලබන 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත ය.

Share This