ලාෆ් ගෑස් විතරයි හිග – පාරිභෝගික අධිකාරියේ සභාපති

ලාෆ් ගෑස් හිගයක් මේ වන විට වෙළෙදපොළේ පවතින බව පවසයි. ඒහිදී එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සදහන් කළේ ලිටෝ ගෑස්වල හිගයක් නොමැති බවයි. ඒ, අනුව සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ලිට්‍රෝ ගෑස් තොග රැස්කර ගැනීමේන් වළකින ලෙසයි. තවද අවශ්‍ය තරම් ගෑස් තොග ලිට්‍රෝ සමාගම සතුව පවතින බවත් ඒ මහතා සදහන් කරයි. මේ අතර ගෑස් තොග අනවශ්‍ය ලෙස රැස්කරගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කර සිටියේය. එමෙන්ම ලාෆ් ගෑස් තොග රැගත් නැව ලබන 25වැනිදා වනවිට දිවයිනට පැමිණෙනු ඇති බවත් ඒ අනුව ලබන 26 වැනිදා සිට ලාෆ් ගෑස් වෙළෙදපොළට සැපයීමට සූදානමින් සිටින බවත් සභාපතිවරයා සදහන් කර සිටියේය.

Share This