ගෙදර පූසටත් නරක කල දසාවක්…

පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ ජලභීතිකා රෝගින් වැඩිම ප්රමාණයක් වාර්තාවී තිබුණේ මහමඟ සිටීන සුනඛයින් සපාකෑම නිසා නොව, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් සපාකෑම නිසා සෞඛ්ය අංශ පවයි. ඊට අමතරව මෙරට තුළ බළලුන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවටද අනතුරු අගවයි.
සෞඛ්ය අමාත්යංශයේ වසංගත රෝග විද්යා අංශයේ විශේෂඥ වෛද්ය අතුල ලියන පතිරණ මහතා පවසන්නේ  “ජලභීතිකා රෝගය සියයට සියයක් එය මාරාන්තික රෝගයක්. ලෝකයේ වුවද ඉතාම සුළු පිරිසක් තමයි ජලභීතිකා රෝගයෙන් දිවි ගලවා ගෙන තියෙන්නේ. බල්ලන්, පූසන්,නරි,ලේන්නු, දඬු ලේන්නු, උගුඩුවෝ, මුගටීන්, හරක්, අශ්වයින් මේ ඕනෑම සතෙක් සපා කෑමෙන් බෝ වෙන්න පුළුවන්”
“සතුන්ගේ මොළය සාම්පල පරීක්ෂා කිරිමේදී බළලුන් අතර ජලභීතිකාව ඉහළ යාමක් තියෙනවා. බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම කොළඔ, ගම්පහ දිස්ත්රික්කවල බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. බළලුන් සපා කෑම පිළිබඳව ඉතාම කල්පනාකාරී වෙන්න ඕනි. බළලුන්ගේ සීරීම සපා කෑම තරම්ම දරුණුයි” යනුවෙනි.
මෙරටින් සුනඛ සපාකෑම් පමණක් 250,000-300,000ත් අතර ප්රමාණයක් වාර්තා වන අතර, ලේනුන්, මුගටින් වැනි සතුන් සපාකෑමෙන්ද මාරාන්තික ලභීතිකා රෝගය  බෝවෙයි.
Share This