නතාෂා එදිරිසූරියගෙන් එම්. එම්. යූ. සුබසිංහ මහතා සමාව ඉල්ලයි
“අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදු වූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.” යනුවෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලපියක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ මහතා සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවියට කනගාටුව පළ කළේය.
ICCPR
යටතේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු වීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය, නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළේය.
නතාෂා එදිරිසූරියගේ ප්‍රකාශය නිසා මහජන කැළඹීමක් ඇති වූ බවට සාක්ෂි බී වාර්තාවේ ඇතුළත් නොවන බැවින්, ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත්. ඒ අනුව ඇයව ඇප මත මුදා හැරීමට අවසානයේදී විනිසුරුවරයා නියෝග කරන ලදී.
