රන් පදක්කම්ලාභීන්ට යුද්ධ හමුදාධිපතිගෙන් පැසසුම්
පාකිස්ථානයේ පැවති 9වැනිි පාකිස්ථාන් ‘ආමි ටීම් ස්පිරිට්’ තරඟාවලියේ (9th Pakistan Army Team Spirit Competition – 2026) රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ඇඟයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති විසින් සහතික පත් ප්‍රධානය කිරීම 2026 පෙබරවාරි 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙම තරඟාවලියේදී රන් පදක්කම දිනාගත් දෙවන අවස්ථාව මෙය වේ. පසුගිය වසරේ පැවති මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රිදී පදක්කම දිනාගත් අතර මෙවර එයට අභියෝග කරමින් රන්පදක්කම් දිනා ගැනීමට සමත්වීම සුවිශේෂත්වයකි. ජාත්‍යන්තර මට්ටමේ අභියෝගාත්මක තරඟාවලියක් ලෙස සැලකෙන මෙම තරඟාවලිය සඳහා මිත්‍රශීලී විදේශීය රටවල් 19කට අයත් කණ්ඩායම් 24ක් සහභාගී වී ඇත.

