වැස්සෙන් යටවුණු මඩකළපුව

දින කිහිපයක් පුරා  මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද වැටුණු අධික වැසි තත්ත්වය නිසා එම ප්‍රදේශය ජලයෙන් යට වී ඇති අතර  අද (19) දින උදෑසන සිට මුහුදු ප්‍රදේශ ආශ්‍රිිතව තද සුළං හමා යන බව වාර්තා වේ.  ඒ  හේතුවෙන් කාත්තන්කුඩිල, පූනොච්චිමුනෛ, එතුගාල,  නාවලඩිල කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව සඳහන් වේ.  බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීම මෙයට හේතුව බව සදහන් වේ. මේ අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති නිසා ධීවර කටයුතු සහ නාවික කටයතු වලදී ඉතා ප්‍රවේශම්වන ලෙස දැනුම් දී ඇත.

Share This