සෞදියෙන් මෙරටට රටඉදි

රමළාන් මාසය නිමිත්තෙන් සවුදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය, ශ්‍රී ලංකාවේ සවුදි තානාපති කාලිද් බින් හමුද් අල්-කහ්තානි මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ පිහිටි සවුදි තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද සහභාගී විය.
මෙම රටඉඳි තොගය දිවයින පුරා විසිරී ඇති මුස්ලිම් දේවස්ථාන හරහා අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදා හැරීමට නියමිතයි.
