විදුලි ගාස්තු යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා එම මණ්ඩලය විසින් අද (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවයි, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල සංශෝධනය කළ යුතුදැයි අවසන් ගණන් තැබීම් මේ වනවිට සිදු කර ඇති බව සඳහන්.
මෙම යෝජනා අධ්‍යයනය කිරීම සඳහා මාස දෙකකට අධික කාලයක් ගත වනු ඇති බවයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ.
ඒ අනුව නව ගාස්තු සංශෝධනයක් ලබන වසරේ ජනවාරි මාසයේදී අපේක්ෂා කළ හැකියි.