කාසල්රි – මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවසති.

අද (19) උදැසන 6.00 වන විට කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 26 අගල් 11 කින් ද, මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් ද පහල බැස ඇත.

 විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබන්නේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙනි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද පහල බැසි ඇති බවද වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ද පැවසිය. 

Share This