භික්ෂු සමුළුව ආණ්ඩු පෙරළන වැඩක් නෙමෙයි
ආණ්ඩු පෙරලීමට හෝ වෙනස් කිරීමට කිසිදු අදහසක් නැති බවත් කිසියම් හෝ දේශපාලන පක්ෂයක් සදහා භික්ෂු සමුළුවට ආරාධනා කිරීමක්ද නොමැති බවත් අද දින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය විසින් එල්ල කරන අසත්‍ය චෝදනා වලට පිළිතුරු වශයෙන් මාධ්‍ය හමුව කැදවා තිබුණි. දේශපාලන වාසි ගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයන්ට සංවිධානාත්මකව අපගේ උතුම් අරමුණ කෙලසීමට ඉඩ නොදෙන බවද අවධාරණය කරයි. අපගේ උත්සාහය දසරාජධර්මයෙන් රට පාලනය කිරීමට බලකිරීමක් ලෙසත් සමුළුවට ජනාධිපතිවරයාටද ආරාධනා කිරීමටද බලාපොරොත්තු වනබව උන්වහන්සේ ප්‍රකාශ කළේය. 
