සිම්බාබ්වේ සටනට දුෂ්මන්ත චමීරට විවේකයක්…. ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් ඇතුළට?

අද පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇතැයි වාර්තා වේගඒ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් තරග වැදීමට නියමිත වන බව ආරංචි මාර්ග පවසයිගමීට අමතරව ඉකුත් ඕස්ට්‍රේලියානු ‍ තරගයේදී ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංඛ ආදේශ කිරීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේගඒ හේතුවෙන් බොහෝවිට මෙම පන්දු යවන්නන් දෙදෙනාම ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි

Share This