කඳුකර කළු කොටි පැටවකුගේ සිරුරක්

කඳුකර කළු කොටි පැටවකුගේ සිරුරක්

(හැටන් – රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබි කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් 29 දින හමුවූ බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ආර්.නිරෝෂන් මහතා පැවසීය.
එම වතුයායේ වතු කම්කරුවන් විසින් තේ වත්තේ මිය ගොස් සිටි කදුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් ඇති බවට පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරිමට පියවර ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
දින කිහිපයකට ප්‍රථම මිය ගොස් ඇති කඳුකර කොටියා වාහනයක ගැටී තුවාල ලබා මිය යන්නට ඇති බව නල්ලතන්නි වන ජීවි කාර්යාලයේ නිළධාරින් සැකකරයි.
මිය ගිය කඳුකර කොටියාගේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් රැගෙන සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බවද නල්ලතන්න වන ජීවි කාර්යාලයේ නිළධාරින් පැවසිය.

Share This