වෛද්‍ය වෘත්තිය ක්‍රියා දිගටම අවසන් තීන්දුව හෙට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
මොනරා පුවත්පතට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තම සංගමයේ අවසන් තීරණය හෙට (සිකුරාදා) ප්‍රකාශයට පත් කරන බවයි.
රජයේ පාර්ශ්වයෙන් පිළිතුරක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවද ඔහු පැවැසීය.
පෙරේදා (26දා) පෙරවරු 8 සිට දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන්නේ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු සේවා 5 කින් වැළකී සිටිමිනි.
