1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට

(බණිදු ලෝකුරුගෙ)්
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අද (29දා) සිට මෙරට සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා ආරම්භ කෙරේ.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය නාලක කලුවැව මහතා පැවසුවේ පළමු ශ්‍රේණිය සහිත සියලු පාසල් වල අද සිට මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවයි.
නව ක්‍රියාකාරකම් සහිතව දරුවන් විසින්ම අධ්‍යාපනය හදාරනු ලබන (ගුරුවරයා විතැන් කර) විෂය මාලා මෙන්ම දරුවන් ආකර්ෂණීය විෂය මාලා පද්ධතියක් නව ප්‍රතිසංස්කරණවලට ඇතුළත් කර ඇති බවද අමාත්‍යංශ ලේකම් ආචාර්ය නාලක කලුවැව සඳහන් කළේය.
හෙට සිට මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මුහුණ දෙන සිසු පිරිස අවුරුදු 13කට පසුව එනම් 2039දී අධ්‍යාපනය නිම කරන්නේ 2026 දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මුහුණ දුන් පළමු සිසු කණ්ඩායම ලෙස බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
