රනිල්ගේ ලේකම් සමන් රිමාන්ඩ්

රනිල්ගේ ලේකම් සමන් රිමාන්ඩ්

(අකිලා නදීෂානි බණ්ඩාර)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ලන්ඩන් සංචාරයට අදාළ නඩුවේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28දා) නියෝග කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28දා) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Share This