ගෝඩා සහ පෙරීමේ උපකරණ සමග දැරංගල දී අයෙක් අත්අඩංගුවට

ගෝඩා සහ පෙරීමේ උපකරණ සමග දැරංගල දී අයෙක් අත්අඩංගුවට

වජිර පී.ජී. – තෙලිජ්ජවිල
ලද තොරතුරකට අනුව පිටබැද්දර පොලිස් වසමේ දැරංගල, දෙක පියවර, දෙනිය, ප්‍රදේශයේ 27 දින එනම් පෙරේදා දින පිටබැද්දර පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී, එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ වයස අවුරුදු පනස් එකක් වූ විවාහක දෙදරු පියෙක්, ගෝඩා බැරල් දෙකක් කසිප්පු පෙරීමට යොදාගන්නා දගර ආදී උපකරණ සමග ගෝඩා මිලිලීටර් තුන්ලක්ෂ හතලිස් දහසක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
වසරකට පමණ ඉහතදී රෝගී තත්ත්වය හේතුවෙන් සැකකරුගේ බිරිඳ මියගොස් ඇත. වයස අවුරුදු දහය සහ දොලහ වන පාසල් යන දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියළු රැක බලා ගැනීම මෙම සැකකරු විසින් සිදුකර ඇත. එම කටයුතු හේතුවෙන් වෙනත් රැකියාවක් කළ නොහැකි බැවින් නිවසේ රැදී සිටිමින් නිවස අසල වන ලැහැබ තුල මෙම මත්ද්‍රව්‍ය පෙරීම සිදු කළ බව සැකකරු පාපොච්චාරණය කර ඇත.
2026 පෙබරවාරි 02 දින කොටපොල ගැටබරුව පිහිටි අධිකරණයේ මොරවක මහේස්ත්‍රාත් වෙත සැකකරුව ඉදිරිපත්කිරීමට නියමිතය.
මෙම වැටලීම පිටබැද්දර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එච්.ජනක සම්පත් මහතා ගේ අධීක්ෂණය යටතේ, පිටබැද්දර පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පො.සැ.(73004)චතුර ගුණසේකර පො. සැ( 60794) චරිත්, පො. කො. (78060) ලතීෂ, පො. කො.(73035)බුද්ධික යන මහත්වරු විසින් සිදුකර ඇත

Share This