විකිරණ තාක්ෂණවේදීන් අද සිට අඛණ්ඩ වර්ජනයක

(නිමල් දයාරත්න)
විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද (28දා) පෙ.ව. 8.00 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව එම සංගමය පවසයි.
තම ගැටලුවලට විසඳුම් ලබාදීමට ලබා දුන් දින හතක කාලය අද අවසන් වන බවත්, ඒ අනුව තම ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බවද එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවැසීය.
