පොල්පිතිගම සමුපයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට

පොල්පිතිගම සමුපයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට

(පොල්පිතිගම නන්දන කැලේගම)
පොල්පිතිගම විවිධ සේවා සමූපකාර සමිතියේ ඉදිරි වසර තුන සදහා අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීම සඳහා 25දා පැවැති ප්‍රාදේශීක කාරක සභා ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි විය.
පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශිකයන් 30 ක් අයත්ය. ඉන් මහ සභා නියෝජිතයින් 125 දෙනෙකු තෝරා පත්කර ගත යුතු අතර මාලිමාවට නිතරගයෙන් හිමි වී තිබු ප්‍රාදේශිකයන් පහක බලය හා එක් සමූපකාර ප්‍රාදේශිකයක ජන්දය මෙදින නොපැවැත්වුණි. ප්‍රාදේශික 24ක් සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට මහ සභා නියෝජිතයින් 100 ක් ජයග්‍රහනය කළ අතර මාලිමාව ජයගත්තේ සභා නියෝජිතයින් 23 දෙනෙකු පමණි.

Share This