2025 වසරේ සයිබර් අපරාධ පැමිණිලි 2000ක්

(යක්කලමුල්ල සඳනුවන් කීර්ති)2025 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසරේදී මෙම සයිබර් අපරාධ 2,000කට අධික ප්‍රමාණයක් පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇති බවයි.
සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ තරුණ සහ වැඩිහිටි ප්‍රජාව බවත් අන්තර්ජාලයට ප්රවේශවන පිරිස් මෙම අපරාධකරුවන්ට ගොදුරුවීම රහළ ගොස් ඇති බවද පැවැසීය.
එම පිරිස් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා පැවසුවේ තමන්ගේ මුරපද සහ පෞද්ගලික තොරතුරු මෙවැනි පාර්ශ්වයන් වෙත ලබා දීමෙන් වැළකී සිටිය යුතු බවය.
එසේම පසුගිය වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වඩාත් වැදගත් වන්නේ මෙවැනි සයිබර් අපරාධකරුවන්ට හසුනොවී සිටීම බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
