රෝගී දරුවාට දෙන්න මාළු ඇල්ලූ පියා විදුලි සර වැදී මරුට

රෝගී දරුවාට දෙන්න මාළු ඇල්ලූ පියා විදුලි සර වැදී මරුට

යක්කලමුල්ල – සඳනුවන් කීර්ති
යක්කලමුල්ල පොලිස් වසමේ ඉහළ තෙල්ලඹුර ප්‍රදේශයේ විදුලි මෝටරයක් දමා මාළු ඇල්ලූ පුද්ගලයෙකු විදුලි සර වැදී පසුගියදා මරණයට පත්ව ඇති බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයි.
මෙම පුද්ගලයා මාළු ඇල්ලීම සඳහා නිවස අසල වළකට විදුලි මෝටරයක් දමා ජලය හිස් කළ ඇති අතර පසුව ජලය ඉවත් කිරීමෙන් පසුව එම වළට බැස කුණුරොටු ඉවත් කරනා අවස්ථාවේදී මෙසේ අවසනාවන්ත ලෙස විදුලිය වැදී මරණයට පත්ව ඇත.
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් පමණ වන පුද්ගලයෙකු වන අතර ඔහු දෙදරු පියෙක් වන අතර ඉන් එක් දරුවෙකු කිසියම් රෝගී තත්ත්වයකින් සිට ඇති අතර එම රෝගී දරුවාට වෛද්‍ය උපදෙස් මත ලබාදීම සඳහා මාළු අල්ලන විට’ මෙම පුද්ගලයාට විදුලි සර වැදී මරණයට පත්ව ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත සිදු කරයි.

Share This