ගාල්ලේ අනවසර ගව ඝාතකාගාරයක් වටලයි

(ගල්කිස්ස – ඩී.පී. හේරත්)
රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රභාරක බළකාය මගින් ඉකුත් 23 දින අලුයම ගාල්ල ඕල්කට් මාවත පවත්වාගන ගිය අනවසර ගව ඝාතකා ගාරයක් වටලා ඝාතනයට ලක්කර තිබූ එල් ගවයින් තිදෙනකු හා මී ගවයන් හතර දෙනෙකුගේ සිරුරු සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ඇතැයි පොලීසිය පැවසීය.
මෙහි ප්‍රධාන හිමිකරු ගාල්ල ඕල්කට් මාවත පදිංචිව සිටින වයස අවුරුදු 33ක්ද වන අතර අනෙකුත් සැකකරුවන් ගාල්ල අවට පදිංචිව සිටින වයස අවුරුදු 25 – 40ත් අතර වන බවත් පොලිසිය.’
‘ මෙලෙස ගව ඝතකාගාරයක් ආනවසර හා සෞඛ්‍ය රක්ෂිත නොවන අයුරු පවත්වාගෙන යනු ලබන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දීක වීරසිංහ මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව බුද්ධි අංශ නීලධාරී පොලිස් සැරයන් 51068 පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් 84889 උදය කුමාර යන මහතූන් සිදුකල ආවේක්ෂණ රාජකාරියෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඇතුලු’ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා’ ’24 වන දින අලුයම 3.00ට පමණ මෙම වැටලීම සිදු කරනු ලැබ ඇතැයිද පොලීසිය පැවසීය.’
සිදු කළ විමර්ෂණයට අනුව මෙම ස්ථානයේ ගවමස් ලෙස හුවා මීහරක් මස් දීර්ඝ කාලයක සීට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ නිර්දේශ පරීක්ෂවට’ පවා ලබා නොකර’ ‘ ‘අලෙවි කර ඇති බවට හෙළි වී ඇතැයිද පොලීසිය පැවසීය.
‘මෙම වැටලීම රජය මගින් ක්‍රියාවට නංවා ඇති’ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අනුව පොලිස්පතිතුමාගේ ඝෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රභාරක බලකාය අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පෝලිස් අධිකාරි කො. ඒ. උදයකුමාර’
මහතාගේ නියෝග පරිදි’ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයලත්, පොලිස් සැරයන් 36136 සමරකෝන්, පොලිස් කොස්තාපල් 97342 දිසානායක, 100291 ලසිත, 105123 ශ්‍රිමන්ත, 106039 පෙරේරා, පොලිස් කොස්තාපල රියැදුරු 94735 මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායම’ විසින් සිදු කරගෙන යනු ලබයි.’
