උතුරු මැදට සහල් ගම්මාන 10ක්

(ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
2025 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන පශු අස්වනු තාක්ෂණ ව්‍යාපෘතිය සඳහා වෙන් වූ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින්, උතුරු මැද පළාතේ සහල් ගම්මාන දහයක් ඇති කිරීමට උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම සහල් ගම්මාන වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගියදා (22) අනුරාධපුර කලාපයේ, ඇලැහැපත්තුව කොට්ඨාසයේ පහලගම ග්‍රාමයේදී පැවැත්විණි. අනුරාධපුර කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.බී. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක වැඩසටහන ආරම්භ විය.
මෙහිදී අදහස් දැක්වූ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.බී. වීරවංශ මහතා ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදන වැඩසටහන හරහා මෙම කර්මාන්තයේ නියැලෙන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම ප්‍රධාන අරමුණක් බවයි. එසේම පාරිභෝගිකයන් හට ගුණාත්මක භාවයෙන් ඉහළ සහල් නිෂ්පාදනයක් ලබාදීම උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගමෙන් නිෂ්පාදනය වන සහල් ”මිහිලිය සහල්” යන නාමය යටතේ ඉදිරියේදී ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත්, මෙම දේශීය සහල් කර්මාන්තය දියුණු කිරීම නිලධාරීන් මෙන්ම ගොවි ජනතාවගේද වගකීමක් බව වීරවංශ මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා විෂයානුබද්ධ නිලධාරී ප්‍රියංගා කාරියප්පෙරුම මහත්මිය, කෘෂිකර්ම උපදේශකවරුන් වන රිෂාදා නසීර් මහත්මිය, ඉෂාර වර්ණසූරිය මහතා, මනෝජ් විජේකෝන් මහතා සහ කෘෂි පර්යේෂණ නිලධාරී ශාමා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
