ටික්ටොක් මිතුරා ලක්ෂ 15ක දේපළවලට විදලා

ටික්ටොක් මිතුරා ලක්ෂ 15ක දේපළවලට විදලා

(ගල්කිස්ස- ඩී.පී.හේරත්)
“ටික්ටොක් ”‍ අන්තර් ජාලය හරහා හඳුනාගත් මිතුරකු විසින් තමා සිහිනැතීකර හෝටලයකට රැගෙන ගොස් රුපියල් 15,58,000/=කට අධික වටිනා රන්භාණ්ඩ ඇතුලු‍ දේපල සොරාගෙන තම මිතුරා පලාගොස් ඇති බවට ඉකුත් 21 වන දින පැමිණිල්ලක් සිදු කර ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
පැමිණිලිකරු රාගම ප්‍රදේශයේ පදිංචිව සීටින වයස අවුරුදු (27) ක්ද වනු ලබයි.
පැමිණිලිකරු වීසින් ”‍ ටික්ටොක්”‍ අන්තර් ජාලය හරහා වයස 27 ක් වන තරුණයකු හදුනාගෙන මිතුරන් ලෙස මාස එක හමාරකට වැඩි කාලයක් යාලුළුවාගේ මුදල් වලින් විනෝද වෙමින් කාලය ගතකර ඇත .
ඒ අතර ඉකුත් (19 ) වන දින කොළඹ හැව්ලොක් ටවුන් කෝපි ආපන ශාලාවක් කෝපිබීම සදහා දෙදෙනා ගොස් ඇත .ඒ අතර විදේශීය සෙන්ට් එකක් තෑගී කර සුවද බැලීමට පැමිණිලි කරුට ලබාදී ඇති බවත් ,අනතූරු පැමිණිලි කරුට සිහිය නැතිවී ඇති අතර, ඔහුගේම දුරකථනයෙන් කුලී කාර්රථයක් ගෙන්වාගෙන දෙදෙනා කටුවාවල සිවි මහල් හෝටලයකට. ගොස් එදින රාත්‍රිය නවාතැන් ගෙන ඇති බවත් ඒ සදහා මිතුරා ව්‍යාජ ලෙස සකස්කල හැදූනුම් පතක් ඉදිරිපත් කර ඇති බවත් පොලීසිය පැවසීය.
එදිනම රාත්‍රිය 1. 00 ට පමණ හෝටල් හිමිකරු පැමිණිලිකරූගේම දුර කථනයෙන් දැනුවත් කර තම මිතුරා සීහී නැතුව කාමරයේ පසු දින. වනතුරු නැවතී සිටින බවත් පවසා එලියට ගොස් පළා ගොස් ඇත.
ඒ අනූව පසු දින (20) වන දින පැමිණිලිකරු අවදි වීමෙන් පසු තමාගේ ගෙල තිබූ පවුම් දෙකහමාරක් වන රන්මාලය, පවුම් කාලක් වන පෙන්ඩනය ,පවුම් එක හමාරක් වන බේස්ට්ලට් එකද , ඒටීඑම් කාඩ්පත භාවිතා කර “පේබැල් මැෂිම”‍ භාවිත කර ගිණුමේ තිබූ රුපියල් 285,000ක මූදලක් සොරාගෙන තම අතිජාත මිතුරා කාමරයේ නැති බව හඳුනාගනු ලැබ හෝටල් කලමනාකරුගෙන් විමසීමේදී එදින අලු‍යම 1.00ට පමණ පිටව ගිය බව දැනගත් පැමිණිලිකරු වහාම 21 වනදීන බොරලැස්ගමුව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරනු ලැබ ඇත.
පළා ගිය සැකකරු සොයා වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි මංගල දෙහිදෙනිය
නුගේගොඩ දිස්ත්‍රික්ක 1 සහකාර පොලිස් අධීකාරී නීරෝෂ් ධර්මරත්න යන මහතුන්ගේ අධීක්‍ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුනරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති උප පොලිස්‌ පරීක්ෂක දිමුතු රත්නායක. යන මහතුන් ඇතුළු‍ ිනිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබයි..

Share This