චිත්‍රපට සංස්ථාවට නව පනතක්

-විනීතා එම්. ගමගේ-
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම සඳහා අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
කර්මාන්තයට අදාල තාක්ෂණයේ වෙනස්වීම්, සමාජ දේශපාලනික සහ ආර්ථික ක්ෂෙත්‍රයන්හි වෙනස්කම් විශාල වශයෙන් සිදුව ඇති බවත් ඒ අනුව වර්තමානයට ගැලපෙන අයුරින් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආයතන ව්‍යුහය හා කාර්යභාරය සංශෝධනය කිීරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
මේ වනවිටත් ජාතික චිත්‍රපට සංස්ථා පනත මගින් ආවරණය නොවන ක්ෂේත්‍ර සම්බන්ධව උපායමාර්ගික දිශානතියක් ඇති කිරීමේ අරමුණින් සහ සිනමා නියාමනය හා සිනමා සංස්කෘතිය ප්‍රවර්ධනය යන කාර්යයන් සිදුකළ හැකි වන පරිදි ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලයේ ව්‍යුහය හා කාර්යභාරය සම්බන්ධයෙන් මූලික කෙටුම්පතක් සකස් කර ඇති අතර ඒ අනුව 1971 අංක 47 දරන පනත ඉවත් කර ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත් ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
