ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරාජය වේ

ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරාජය වේ

2025 හොංකොං සික්සර් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයත් බංග්ලාදේශය හමුවේ පරාජයට වීමට සිදු විය.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කර දෙවැනි තරගයේදී බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දී කඩුලු 5ක් දැවී පන්දු වාර 6 අවසානයේ ලකුණු 75ක් ලබා ගත්තේය. ලකුණු 76ක ඉලක්කය ලබා ගැනීමට පිටියට පැමිණි ශ්‍රී ලංකාව කඩුලු 6ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 61ක් පමණි.
ඒ අනුව බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදු විය. මෙම පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මූලික වටයේ සහභාගි වූ තරග තරග දෙකම පරාජය විය.

Share This