හොංකොං ක්‍රිකට් සික්සර් තරගාවලිය හෙට සිට

(ඉෂාර ගයාෂාන්)
හොංකොං ක්‍රිකට් සික්සර් තරගාවලිය හෙට (07), 08 සහ 9 යන තෙදින තුළ හොංකොං Tin Kwong Road ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
රටවල් 12ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන මෙවර තරගාවලියට දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, පාකිස්තානය, කුවේට්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදියි.
1992 ආරම්භ කර හොංකොං ක්‍රිකට් සික්සර් තරගාවලිය දකුණු අප්‍රිකාව 5ක්, එංගලන්තය 5ක් සහ පාකිස්තානය 5ක් ශුරතාවය ලබා ගෙන ඇති අතර ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්ව 1 බැගින් ද, ශ්‍රී ලංකාව 2007 වර්ෂයේ ඉන්දික ද සේරම් නායකත්වයෙන් සහ 2024 වර්ෂයේ ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ශූරතාවය ලබා ගෙන ඇත.
කාණ්ඩ 4ක් යටතේ තරග වදින මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ඩී කාණ්ඩයෙන් තරග වදියි. ඩී කාණ්ඩයට ශ්‍රී ලංකාව, හොංකාං සහ බංග්ලාදේශය ඇතුළත්ය. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය සත්කාරක හොංකොං සමග පෙ.ව. 9.25ටත් සහ දෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව ප.ව. 12.10ට හෙට (07දා) ක්‍රීඩා කිරීමට නියමිතය. අවසන් මහා තරගය 9 වැනිදා පැවැත්වෙයි.
ශ්‍රී ලංකා සංචිතය- ලහිරු මදුශංක (නායක), ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක, මොවින් සුබසිංහ (අතිරේක)
