අලුත් ආණ්ඩුවේ දෙවැනි අය-වැය හෙට

අලුත් ආණ්ඩුවේ දෙවැනි අය-වැය හෙට

ශිරාන් රණසිංහ
ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අය-වැය  (07දා) දහවල් 2.00 මුදල් ක්‍රමසම්පාදන හා ආර්කථි කටයුතු සංවර්ධන ඇමැති ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
2026 වසර සඳහා අය-වැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  (05දා) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණයට ලක් කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අය-වැය කතාව අද සිදු කෙරේ.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම මේ මස 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර දෙවැනිවර කියැවීමේ අය-වැය විවාදය ලබන 08 වැනිදා සිට 14 දින දක්වා පැවැත්වේ.

Share This