දෙහිවල අවන්හලකදී යකා නැටූ පොලිසියේ තිදෙනාගේ නඩුව කල් යයි

දෙහිවල අවන්හලකදී යකා නැටූ පොලිසියේ තිදෙනාගේ නඩුව කල් යයි

-අකිලා නදීශානි බණ්ඩාර-
තවත් පිරිසක් සමග දෙහිවල ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ගොස් ආහාර ලබාගෙන මුදල් නොගෙවා යාමට උත්සාහ කළ අවස්ථාවේ දී එයට විරෝධය පෑ අවන්හල් සේවකයන්ට ගිනි අවි පෙන්වා පහරදී තුවාල සිදු කිරීම, අවන්හලේ දේපොළවලට අලාභහානි කිරීම හා මුදල් පැහැරගෙන යෑමට ඇතුළු චෝදනා යටතේ ඇමැති ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 28 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය.
එම නඩුවේ පැමිණිල්ලේ සාකකරවැන් ලෙස නම් කර තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා හා එවකට දෙහිවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙෂ කටයුතු කළ පොලිස් නිලධාරියා රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්හ. 2008-01-21 වැනිදා දෙහිවල ප්‍රදේශයේ පිහිටි එකී අවන්හලට තවත් තිදෙනකු සමග ගොස් එකී පහරදීම ඇතුළු චෝදනා යටතේ වසන්ත ජයකොඩි, චමින්ද බණ්ඩාර සකලසූරිය හා සන්තුස් සුදර්ශන ජයසිංහ යන විත්තිකරවැන්ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුනි.

Share This