මත හිත ගිය 1053ක් එක දිනකදී අත්අඩංගුවට

-සෙනාෂ් කොළවත්ත-
මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ සැකකරුවන් 1053ක් (05දා) අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව හෙරොයින් කිලෝ තුනක්, අයිස් කිලෝ එකක්, ගංජා කිලෝ 54ක්, හෂිෂ් කිලෝ 11ක් ද එදින අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පිරිසෙන් පුද්ගලයන් නවදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයන් 19කට රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පුද්ගලයන් හතරක් පුනරුත්ථාපනයට යොමු කර තිබේ.
